හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මියයන විට ඔහු 82වන වියේ පසුවුණා.

1960 දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1983 දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

අනතුරුව 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යාංශයට පත් කෙරුණා.

2019 වසරේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ද ලෙස පත් කෙරුණා.

එසේම ඔහු 2020 වසරේ ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවටද පත් කෙරුණා.