පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (ජුනි 30) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒඅනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.86 සිට රු. 295.83 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.18 සිට රු. 304.15 දක්වා පහත වැටී ඇත.

