ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ වනවා.
එය ලබන ජූලි 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බවය.
ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම පසුගිය දිනවලදී ද ඇදහැළුණු අඛණ්ඩ වර්ෂාපතනය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර මේ වන විට සෑම සතියකම ඩෙංගු රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.
අද සිට ආරම්භ වන ජාතික මදුරු මර්දන සතියේදී නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්දන ව්‍යාපාරය පැවැත්වීමට නියමිතයි.
එසේම මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම මෙන්ම ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජංගම කණ්ඩායම් යෙදවීමටද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම මදුරු මර්දන ව්‍යාපාරය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සහ ප්‍රජා මූලික සංවිධානවල සහාය ඇතිව කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, යාපනය, මොනරාගල, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්හි බටහිර, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු, ඌව සහ දකුණු පළාත්වල මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.

