ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේ.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,932 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එමෙන්ම එම කාල සිමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16 ක් වනවා.

