ජූලි 1 සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යය වෙයි

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරුනා.

කෙසේවෙතත් බොහෝ රියදුරන් ආරක්ෂිත බඳ පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු ඉහළ යෑමක් වාර්තා වී තිබෙනවා.