චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් ඊයේ ආරම්භ කෙරුනා.
SF ගුවන් සේවය විසින් ආරම්භ කරන ලද මෙය දෙරට අතර වූ පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව වීම විශේෂත්වයක්.
මේ සඳහා බෝයිං 747-200 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යොදා ගෙන ඇති අතර එය සතියකට දෙවරක් ක්‍රියාත්මක වනවා.
මෙම ගුවන් යානය හරහා මෙටි්රක් ටොන් 22ක භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකියාව පවතින බව සඳහන්.
ඉලෙක්ට්‍රොනික උපකරණ, යන්ත්‍රෝපකරණ කොටස්, රෙදිපිළි, වාණිජ්‍ය පාර්සල් සහ නැවුම් මල් මේ හරහා ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සැලසුම් කර ඇති අතර ශ්‍රී ලංකා ලංකා තේ, කුළුබඩු සහ අනෙකුත් විශේෂිත කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අපනයනය කිරීම සැලසුම් කර තිබෙනවා.

