ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශවයටම චෝදනා කර තිබෙනවා.
ඉරානය විසින් සිදු කළ ප්‍රහාරවලට පසුව ඊශ්‍රායලය විසින් ද ඉරාන රේඩාර් යන්ත්‍රයකට පහර දී තිබෙනවා.
මේ හේතුවෙන් තමන් ඊශ්‍රායලය කෙරෙහි අසතුටින් පසුවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටින්නේ.
මේ අතර ජුනි 13 වනදා සිට සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 606 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
එසේම 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් රේසා සෆර්ගානි පවසන්නේ.
පසුගිය පැය 24 තුළ පමණක් ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාර වලින් ඉරානයේ පුද්ගලයින් 107 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එය මෙතෙක් එල්ල වුණු දරුණුතම ප්‍රහාරය ලෙසයි සැලකෙන්නේ.

