ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයකට පහර දීමක්

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහාය ලබන ගාසා මානුෂීය පදනම (GHF) විසින් මධ්‍යම ගාසා තීරයේ පවත්වාගෙන යනු ලබන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල රැස්ව සිටි ජනතාව වෙත ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල යුද හමුදා ටැංකි සහ ඩ්‍රෝන යානා දහස් ගණනක් ජනතාව වෙත වෙඩි තැබූ බවයි සාක්ෂිකරුවන් සහ වෛද්‍යවරු සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම් වලින් පලස්තීන ජාතිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ සැකකරුවෙක් පසුපස හඹා ගෙන යෑමේදී මෙම වෙඩි තැබීම සිදු වූ බවත්, මෙම ආධාර මධ්‍යස්ථානය ඉලක්ක කර නොගත් බවත්ය.

මේ අතර මැයි අග සිට මෙවැනි සිදුවීම්වලින් පලස්තීනුවන් 400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.