දුම්රිය වර්ජනය සති දෙකකට කල් යයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.

ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

එසේම ඇතැම් කරුණු සඳහා අද දිනය තුළම විසඳුම් හිමිවූ බව ද පැවසු ඒ මහතා, අනෙකුත් කරුණු සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බවයි එහි ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ.

මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට එකඟවූ බව ද ඔහු සඳහන් කරනවා.