ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති යුධමය තත්ත්වය අඛණ්ඩව හයවන දිනටත් පැවැත්වෙනවා.
ඊයේ රාත්‍රියේ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දකුණු ඊශ්‍රායලයේ බියර්ෂෙබා හි පිහිටි සොරොකා රෝහලට හානි වී තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ හදිසි සේවා පවසන්නේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මිසයිල ප්‍රහාරය රෝහල අසල හමුදා ස්ථානයක් ඉලක්ක කර එල්ල කළ එකක් බවත්, රෝහල එහි දී ඉලක්ක කර නොගත් බවත්ය.
මිට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ද ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු හමුදා යොදා ගනිමින් ඉරානයට පහර දීමේ සැලසුම අනුමත කළ ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

