ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට පිළිතුරු දෙයි

එක්සත් ජනපද හමුදාව ඉරානය සහ ඊශ්‍රායල අතර වූ ගැටුමට මැදිහත් වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.

රූපවාහිනියේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අයතුල්ලා අලි කමේනි කියා සිටින්නේ ඉරානය කිසිසේත් යටත් නොවන බවයි.

මේ අතර ඊශ්‍රායලය ඉරාන කේන්ද්‍රාපසාරී නිෂ්පාදන ස්ථාන දෙකකට එක රැයකින් පහර දුන් බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසනවා.

ට්‍රම්ප් විසින් වහාම ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් වලින් ඉවත් වන ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ එහි සිටින ජනතාව විශාල වශයෙන් නගරය හැර දමා යමින් සිටින බව වාර්තා වෙනවා.