අපේ ඉවසීම අඩුවෙමින් තියෙන්නේ – ට්‍රම්ප්

“අපේ ඉවසීම අඩු වෙමින් පවතී” යනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු අඟවීමක් සිදු කරනවා.

ඔහු කොන්දේසි විරහිත යටත් වීමක් ඉරානය යෝජනා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම දැනට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ.

ට්‍රම්ප් ඉරානයේ භූගත න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලට සම්බන්ධ වීමට සැලසුම් කරන බවයි BBC වාර්තා කරන්නේ.

කෙසේවෙතත් දැනට සිදු කරන ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරවලට තමන් සම්බන්ධ නොවන බවයි එක්සත් ජනපදය පවසන්නේ.