KKS පොලිස් ස්ථානයට තර්ජනාත්මක ඇමතුමක්

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි වාර්තා වෙනවා.

අදාළ ඇමතුම ඉකුත් 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වන විට ආරම්භ තිබෙනවා.

මේ අතර උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ.