සිමෙන්ති තොග මිල ඉහළට

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි එම මිළ ඉහළ දැමීම සිදු කර ඇත.

කෙසේවෙතත් සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවයි සිමෙන්ති සමාගම් පවසන්නේ.

සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී ඇති බව සඳහන්.