ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී හජ් උත්සවය පවත්වනවා.

සෞදි අරාබියේ පිහිටි ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ භූමිය වන මක්කම (Mecca) වෙත සිදුකරන වාර්ෂික වන්දනාව හජ් ලෙස හඳුන්වනවා.

එය ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම ද වනවා.

ශාරීරිකව හා ආර්ථික වශයෙන් හැකියාව ඇති සෑම වැඩිහිටි මුස්ලිම් ජාතිකයෙකුම තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනාවේ යා යුතු බවයි ඉස්ලාම් ධර්මයේ සඳහන් වෙන්නේ.

හජ් වන්දනාව මගින් අල්ලාහ් (දෙවියන් වහන්සේ) කෙරෙහි ඇති භක්තිය සහ යටත්වීම විදහා දක්වන අතර, එය අතීත පව්වලින් මිදී අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාවක් ලෙස සැලකෙනවා.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.