සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනය කරනවා.
පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවටයි එහි සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරන්නේ.
එසේම ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවත් ඔහු සඳහන් කරනවා.
මේ හේතුවෙන් සාකච්ඡාවකින් තොරව හෙට පැවැත්වීමට සැලසුම් කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරනවා.

