එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ.
2016 වර්ෂයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්තාව මෙය වීම විශේෂත්වයක්.
මෙම සංචාරය තුළ දී ශ්රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇත.
විශේෂයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම ඇතුළු සංහිඳියාව ඇතිකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මහකොමසාරිස්වරයා සිය සංචාරයේ දී අවධානය යොමු කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

