2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව එක් එක් කොට්ඨාශ සදහා තෝරාපත් කරගත් සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
දිස්ත්රික් මට්ටමින් අදාළ ගැසට් නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
ඒ අනුව මේ වන විටත් යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්රික්කවලට අදාළ අති විශේෂ ගැසට් නිවේදන ප්රකාශයට පත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවටයි නියම කර ඇත්තේ.

