තැපැල් වර්ජනය අවසන්

දින දෙකක් තිස්සේ දියත් කෙරුණු සිය වර්ජනය අවසන් බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය නිල වශයෙන් නිවේදනය කරනවා.

එම සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසන්නේ මෑතකදී පැවති වැඩ වර්ජනයක් හේතුවෙන් ප්‍රමාද වූ තැපැල් මලු 2,000 කට වැඩි ප්‍රමාණයක් බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි.

තැපැල් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් විසඳීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 10 ක් සඳහා ප්‍රතිචාර වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරනු ලැබුවා.