දිස්ත්‍රික්ක 5කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වල පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශ පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය: – බදදේගම

මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය: – ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– අඹගමුව
– ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය: – කිරිඇල්ල