පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය තාවකාලිකව නවතී

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටු වීමට තීරණය කර තිබෙනවා.

අදාළ වර්ජනයට සාකච්ඡාමය විසඳුමක් නැත්නම් ලබන සතියේ සිට සමස්ත පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.