හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව පවුලේ ඥාතීන් පැවසුවේ.
අභාවප්රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේ චිත්රපට සංස්ථාවට පැමිණෙන ලෙස ඇයගේ ඥාති දියණියක් වන සමනලී ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වුණි.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.


