මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

මාලිනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

ඇය මිය යන විට 78 වියේ පසුවුණා.