හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් වලට දෙදින නිවාඩුවක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම පාසල් නිවාඩු දිනය වෙනුවෙන් මැයි මස 26 සඳුදා සහ මැයි 27 වැනි අඟහරුවාදා දින පාසල් පැවැත්විය යුතු වනවා.

එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26 වැනි දින ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.