මැයි අස්වැසුම් දීමනාව අද බැංකු වලට

මැයි මාසයට අදාළ අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙත මෙලෙස අස්වැසුම් දීමනාව බැර කරනු ලබනවා.

ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 11කට අධිකයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු මගින් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.