දුරගමන් සේවා බස් වලට ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කරන්න යයි

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට ගෙන ඇත.

ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.