අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.20 සිට රු. 295.41 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.61 සිට රු. 303.79 දක්වා පහත වැටී ඇත.