පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050 ක තොගයක් අද රාත්‍රියේ (මැයි 21) මෙරටට ගෙන ඒමට නියමිතය.
මෙම තොගයට පෞද්ගලික අංශයෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 250 ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2,800 ක් ඇතුළත් බව වාර්තා වේ.
රටේ මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000 ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් 180,000ක් වනවා.
අධික වර්ෂාව හේතුවෙන්, පසුගිය වසරේ යල සහ මහ කන්නවලදී අපේක්ෂිත ලුණු අස්වැන්න ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

