තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බව සඳහන්.

එමගින් තත්ත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරෙනු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.