තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා. 

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වුවා.

ඒ අනූව ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා පත්කර තිබෙනවා. 

එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

මේ අතර උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත් කර තිබෙනවා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස පත් කරනු ලැබුවා.