පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 06ක් සඳහා 1 වන මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කලේ

