දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි  දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කළා.

මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වු අතර ජනතාව ඉන් මහත් පීඩාවට පත් වුණා.

එසේම ඊයේ සහ පෙරේදා යන දිනවල රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද නතර වී තිබුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.