වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසනවා.
ප්රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ, මරදාන ආමර් වීදිය සහ ඩීන්ස් පාරයි.
ජලය බැහැර කෙරෙන කාණු පද්ධති ආශ්රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම ගංවතුර ඇති වන බවට හඳුනා ගත හැකි බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.
ඒ අනුව මේ වන විට හඳුනාගත් ස්ථාන පිළිසකර කිරීම ආරම්භ කර තිබෙනවා.

