අදත් තැපැල් දුම්රිය ධාවනය අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද දිනයේදීත් සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරිමටයි නියමිතව ඇත්තේ. 

මෙම වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. 

ඉදිරි සතියේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණෙහොත් අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.