පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතිවූ සාකච්ඡාවලින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වී තිබෙනවා.
පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පාර්ලිමේන්තුව අමතමින් පවසා ඇත්තේ, දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවත් ය.
සටන් විරාමය ප්‍රථමයෙන් මැයි 10 වන දින සිට මැයි 12 වන දින දක්වා පැවතීමට එකඟ වූ නමුත් පසුව එය මැයි 14 වන දින දක්වා දීර්ඝ කරන ලද අතර මේ වනවිට එය මැයි 18 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
එමෙන්ම මැයි 18න් පසු පුළුල් දේශපාලන සාකච්ඡා ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර තිබෙනවා.

