කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා ඇතැයි වාර්තා වෙනවා.
මෙම සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කරන්නේ.
මේ අතර කළුතර වෙරළ තීරයේ මේ දිනවල මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.

