පිංබර වෙසක් පොහෝ දිනය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන පිංබර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා.

පළමුව ලුම්බිණියේ සිදුහත් ගෞතමයන්ගේ උපත සිදු වූ අතර එය සුද්දෝධන රජතුමාට දාව මහාමායා දේවිය විසින් මහ බෝසතාණන් වහන්සේව බිහි කරනු ලැබුවා.

දෙවන සිදුවීම වූයේ බුද්ධත්වයට පත් වූ බුදුන් ලෙස සිද්ධාර්ථ ගෞතමගේ උත්තරීතර ජයග්‍රහණයයි. එදා බෝ මැඩ වූ වජිරාසනය මත ඒ බෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කර සම්මා සම්බුද්ධත්වය ලබා ගනු ලැබුවා.

තුන්වන සිදුවීම වන්නේ වසර 2500 කට පෙර කුසිනාරාවේ දී සිදු වූ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබනවා.

වෙසක් දන්සල්, ජාතක කතා රැගත් වෙසක් තොරන්, පහන් කුඩූ ප්‍රදර්ශන වගේම සීල ව්‍යාපාර ද අද දිනයේ පැවැත්වෙනවා.