අද ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය.
ගෙදර දෙවැනි බුදුන් ලෙස සලකන අම්මා කෙනෙක්ට එක දිනයක් විතරක් වෙන් කරන්න බැහැ තමයි. කොහොම වුණත් අම්මා කෙනෙක් ගේ ඒ උදාර ගුණයට කෘතගුණ දැක්වීමක් වශයෙන් තමයි මෙහෙම අම්මාවරුන්ගේ දවස වෙන් කරලා තියෙන්නේ.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවකි.
ඇගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද වූවාය.
1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබේ.
ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව එදින සිට ලොව පුරා සෑම වසරකම මැයි දෙවන සතියේ ඉරිදා දින ලෝක මව්වරුන්ගේ දිනය ලොව පුරා සමරනු ලබනවා.
කොහොම වුණත් අම්මාට හැමදාම සලකන්න, හැමදාම ආදරේ කරන්න.
ඔයා ඔය ලස්සනට විඳින්නේ එයා දුන්නු ජීවිතේ

