ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාම එකඟතාව අගය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම තීන්දුව දෙපාර්ශ්වයේම අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්රමුඛ පියවරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා.
අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කරන බව ද එහි සඳහන් වනවා.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්රමුඛ පියවරක් වනු ඇති බවද ජනපතිවරයා පවසයි.
එම පණිවිඩය පහතින්,

