2025 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 19,000 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 7 ක් වාර්තා වී තිබෙනවා.
රට පුරා ඩෙංගු රෝගීන්ගේ තියුණු වැඩිවීමක් පෙන්වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පැතිරීම බොහෝ දුරට පාලනය කර ඇතත්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ කිහිපයක් තවමත් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන බව ඔහු පෙන්වා දෙනවා
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඩෙංගු අධි අවදානම් සහිත කොට්ඨාශ ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය මැයි 19 සිට මැයි 24 දක්වා ක්‍රියාත්මක වන අතර මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම, මහජන දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

