නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ.
ඒ බව සංකේතවත් කරමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇත.
රෝමානු කතෝලික පල්ලියට නායකත්වය දීම සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ (07) ආරම්භ වුණා.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
කාදිනල්වරුන්ගේ එම සම්මේලනය ආරම්භ වී පැය තුනකට වඩා වැඩි කාලයකට පසු දුම දිස්වීමට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ද ඊයේ ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.
ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
යම් හෙයකින් පාප්වරයෙකු තෝරා ගන්නා ගත්තේ නම් චිමිනියෙන් සුදු දුමක් මතු වනු ඇත,

