සෙනසුරාදා රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.
භූමිකම්පාව සවස 7:47 ට නිව් මෙක්සිකෝවේ වයිට්ස් සිටි සිට සැතපුම් 35 ක් පමණ දකුණින් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.
භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශය ජනගහනය අඩු ප්‍රදේශයක් බැවින් කම්පනය හේතුවෙන් එතරම් බලපෑමක් එල්ල වී නැහැ.

