පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

ලබන සතියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කරන බවයි.

ඒ අනුව එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවනු ඇත.