කැම්පස් පොත අද නිකුත් වෙයි

පසුගියදා නිකුත් කළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එසේම විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.