අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වුණා.

එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතවශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.