මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබෙන බව නිවේදනය කරනවා.

ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙනුයි.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබේ.