සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අද

ලොව බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාකරන ‘සිරි දළදා වන්දනාව’ වේ අවසන් දිනය අද වනවා.

ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

සිරි දළදා වන්දනාව පසුගිය 18 වන දා ආරම්භ වුණු අතර ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්තාව හිමි වුණා.

එසේම තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මහනුවර නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බවයි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සදහන් කළේ.