හෙට ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29 වනදා දක්වා සිදු කෙරෙනවා.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගතහැකි බවයි මැතිවරණය කොමසාරිස්වරයා සඳහන් කළේ.