රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.50 සිට රු. 295.56 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.16 සිට රු. 304.23 දක්වා ඉහළ ගොස් තිබේ.