පුංචි ඡන්දයට පාසල් වලටත් නිවාඩුවක්

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා සහ 6වනදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.